රුධිරයේ ලියවුණු උරුමය
Aamir Ali, a notorious gold smuggling kingpin who inherited his multi-million dollar criminal enterprise from a lineage of gangsters, is drawn into a web of vengeance, legacy and power.
Khalifa: The Ruler (2026) කියන්නේ ප්රධාන චරිතයට පෘථිවිරාජ් සුකුමාරන් රංගනයෙන් දායක වන, ක්රියාදාම සහ අපරාධ කතාන්දරයක් රැගත් මලයාලම් චිත්රපටයක්.
මෙහි කතාව ගලා යන්නේ අමීර් අලි (Aamir Ali) නම් සාමාන්ය ජීවිතයක් ගත කරන රෙදිපිළි වයාපාරිකයෙකු වටායි. හදිසියේ ඇති වන අර්බුදයක් සහ පියාගේ අත්අඩංගුවට පත්වීමත් සමඟ ඔහුගේ සරල ජීවිතය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙයි. එහිදී ඔහුගේ පවුල රන් ජාවාරම්කරුවන්ගේ පරම්පරාවකට සම්බන්ධ බව අනාවරණය වේ. මූල්යමය ව්යසනයකට මුහුණ දෙන අමීර්, සාමාන්ය ලෝකයෙන් ඉවත් වී බලය තහවුරු කරගැනීමට සහ පවුලේ අධිරාජ්යය ආරක්ෂා කර ගැනීමට අවදානම් සහගත අපරාධ ලෝකයට පිවිසීමට තීරණය කරයි.
මෙහිදී ඔහු රන් ජාවාරම් සින්ඩිකේට් එකක ප්රධානියෙකු බවට පත්වන අතර, පියාගේ අභාවයට පලිගැනීමට සහ ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරයි. මෝහන්ලාල් ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් එකතු වන මෙම චිත්රපටය පවුලේ උරුමය, බලය සහ පළිගැනීම තේමා කරගත් ආකර්ෂණීය ක්රියාදාම සිනමා නිර්මාණයක් ලෙස හැඳින්විය හැක.
"Note: This movie/subtitles have been sourced and shared for educational/entertainment purposes from sinhalasub.lk. All credits go to the original creators."
Top Cast
Anand Manmadhan
Indrans
Malvika Sharma
Mohanlal
Mohini
Neil Nitin Mukesh
Prithviraj Sukumaran
Renji Panicker
Sanju Sivaram
Leave a comment